මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඊයේ දින සිදුකල ප්‍රකාශය තමන් පිළිකුලෙන් යුක්තව හෙළා දකින අතර සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් අර්බුදකාරී තත්ත්වයට එකම වගකිවයුත්තා තමන් බව හුවා දක්වමින් දයාසිරි ජයසේකර මහතා කළ ප්‍රකාශය මුළුමනින්ම සාවද්‍යය බව එතුමන් එහි වැඩිදුරටත් අවධාරණය කර තිබේ .

තවද ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන් ඇති කරගෙන තිබෙන එකඟතා හැකි නම් අනාවරණය කරන්නැයි හිටපු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මෛත්‍රීපාල සිරිසේන මාධ්‍ය වෙත නිකුත් කල නිවේදනය පහතින්