රටින් පළාගිය දෙමටගොඩ චමින්දගේ බිරිඳ අත්අඩංගුවට ගන්නැයි නියෝග

රටින් පළාගිය දෙමටගොඩ චමින්දගේ බිරිඳ අත්අඩංගුවට ගන්නැයි නියෝග

මරණ දඬුවම නියමවී සිටින පාතාල කල්ලි නායක දෙමටගොඩ චමින්දගේ බිරිඳ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් සිදුකරන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගැනීමට සූදානම් වීමේදී රටින් පළාගොස් තිබෙනවා.

එලෙස ඇයව අත්අඩංගුවට ගැනීමට සූදානම්වී ඇත්තේ, ඇය විසින් උකස් මධ්‍යස්ථානයකට රුපියල් ලක්ෂ 30ක පමණ රන් භාණ්ඩ තොගයක් උකස් කළ බවට තහවුරුවීමත් සමගයි.

ඒ අනුව ඇය දිවයිනට පැමිණීමේදී අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ආගමන විගමන පාලකවරයා වෙත නියෝගයක් නිකුත් කළා.

මේ අතර, වාසනා දිල්රුක්ෂි නම් අදාළ කාන්තාවටත් දෙමටගොඩ චමින්දගේ සහෝදරයා වන දෙමටගොඩ රුවන්ගේ හා ඔහුගේ බිරියටත් අයත් දේපළ පිළිබඳව සිදුකරන විමර්ශන වලට අදාළ නීති කෘත්‍ය එළැඹෙන 25වනදා ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේදී ආරම්භවීමට නියමිතයි.

ඔවුන්ට අයත් රුපියල් කෝටි 140ක පමණ දේපළ මේවන විටත් මහාධිකරණය මගින් ක්‍රියාවිරහිත කර තිබෙනවා.