යතුරුපැදියක් දුම්රියේ ගැටී කාන්තාවක් මරුට

යතුරුපැදියක් දුම්රියේ ගැටී කාන්තාවක් මරුට

මීටියාගොඩ පොලිස් වසමේ වැරැල්ලාන දුම්රිය හරස් මාර්ගයේදී කාන්තාවක් පැදවූ යතුරු පැදියක් ගාල්ල සිට රඹුක්කන දක්වා ධාවනය වූ දුම්රියේ ගැටී අනතුරක් සිදුව තිබේ.

අද (14) උදෑසන සිදුවූ මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකාරිය රෝහල් ගත කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ, වයස අවුරුදු 53ක් වූ කළුගේ, හික්කඩුව ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

යතුරුපැදිකාරියගේ නොසැලකිලිමත් රිය ධාවනය මෙම අනතුරට හේතු වී ඇති බව පොලීසිය වාර්තා කරයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.