කිලෝ 12ක් බර ලංකාවේ ලොකුම පීට්සා එක මීගමුවෙන්
අදට (09) යෙදී ඇති ලෝක පීට්සා දිනය නිමිත්තෙන් මීගමුව , ඒත්තුකාළ ප්රදේශයේ පිහිටි ටුක් ටුක් වයින් ඇන්ඩ් ඩයින් හෝටලය ලංකාවේ විශාලතම පීට්සාව එම හෝටල් පරිශ්රයේ දී නිර්මාණය කිරීමට පියවර ගෙන තිබේ.
අගල් 50 දිග මෙම පීට්සා එක කිලෝ ග්රෑම් 12 ක බරකින් යුක්ත වෙයි.
මෙම පීට්සා ව නිර්මාණය කිරීම සදහා තක්කාලි මිශ්රණයක් මොසැරැල්ලා චීස් , කුකුළු මස් , සොසේජස් , විවිධ පාට සහ රස වර්ග 04 කින් යුතු බෙල් පෙපර් , ඔලිව් තෙල් සහ බී ළූණු භාවිතා කර තිබූ අතර මෙම පීට්සා ව විනාඩි 08 ක කාළයකින් පුළුස්සා නිම කර ගැනීමට හැකි වූ බව වාර්තා වෙයි.
මෙම පීට්සා ව රස බැලීම සදහා 100 කට අධික පිරිසක් මෙම හෝටල් පරිශ්රයට පැමිණ සිටියහ
මේ සදහා එම හෝටලයේ විධායක සූපවේදී දුමින්ද වනිගසේකර මහතා මූලිකත්වය ගෙන ක්රියා කර ඇත
එකවර 08 දෙනෙකුට භුක්ති විදීමට හැකි වන පරිදි අගල් 25 ක් දිග වන ආකාරයට සකස් කර පීට්සා කැබළි ඔවුන්ට ආහාර සදහා පිරිනැමීම සිදු කෙරුණි .
ඉකුත් 2021 වසරේ දී මෙම හෝටලය අගල් 40 ක් දිග පීට්සා වක් ලෝක පීට්සා දිනය නිමිත්තෙන් සකස් කර තිබුණි .