12 හැවිරිදි දැරියක් දූෂණය කල අයෙක් අධිකරණ භූමියේ දී වස බී නසී!

12 හැවිරිදි දැරියක් දූෂණය කල අයෙක් අධිකරණ භූමියේ දී වස බී නසී!

දොළොස් හැවිරිදි දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ ත්‍රී රෝද රථ රියදුරකු උඩුගම මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ පිහිටි වැසිකිළියක් තුළදී වැසිකිලි සේදීම සඳහා භාවිතා කරනු ලබන රසායනික ද්‍රව්‍යයක් පානය කර දිවි නසා ගෙන ඇති බව උඩුගම පොලිසිය පවසයි.

දොළොස් හැවිරිදි දැරිය දූෂණය කිරීම සම්බන්ධයෙන් සැකකාර ත්‍රීරෝද රථ රියදුරු නාගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පෙරේදා (07) උඩුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයේ සිටියදී වැසිකිළියට ගොස් ඇත.

වැසිකිලිය තුළදී මොහු වැසිකිලි සේදීම සඳහා භාවිතා කරන රසායනික ද්‍රව්‍යයක් පානය කිරීමෙන් පසු උඩුගම රෝහලට ඇතුළත් කර තිබේ.

උඩුගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (08) පස්වරුවේ මොහු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.