ඉන්දීය කම්කරුවන් 40දෙනා බේරා ගැනීමට තායිලන්ත කණ්ඩායමකගේ සහාය

ඉන්දීය කම්කරුවන් 40දෙනා බේරා ගැනීමට තායිලන්ත කණ්ඩායමකගේ සහාය

ඉන්දියාවේ උමගක් තුළ සිරවී සිටින මිනිසුන් වෙත ළඟා වීමේ අවශ්‍යතාවය වැඩි වන බැවින් එරට බලධාරීන් තායි ගුහා ගලවා ගැනීමේ කණ්ඩායම හා සම්බන්ධ වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

2018 වසරේ දී ගංවතුරට ලක් වූ ගුහාවකින් පිරිමි පාපන්දු කණ්ඩායමක් බේරාගත් තායිලන්ත කණ්ඩායම මෙය බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පසුගිය ඉරිදා උතුරු උත්තර්කාන්ද් ප්‍රාන්තයේ ඉදිකිරීම් කටයුතු අතරතුර උමගක් කඩා වැටීමෙන් 40 දෙනෙක් සිරවී ඇති අතර සමහරුන් රෝගාතුර වී ඇති බවට පළවන වාර්තා මධ්‍යයේ ගලවා ගැනීමේ මෙහෙයුම් වඩාත් හදිසි වෙමින් පවතී.

සිදුවීමෙන් දින හතරකට පසු, උමං දොරටුවෙන් පිටත ඔවුන්ගේ ඥාතීන් අතර කෝපය වර්ධනය වීමත් සමග බලධාරීන් ඔවුන් බේරා ගැනීම සඳහා විශේෂ යන්ත්‍රයක් යොදවා තිබෙන බවයි, වාර්තා වන්නේ.

බලධාරීන් පැවසුවේ, සියුම් ගලවා ගැනීමේ මෙහෙයුම්වල පළපුරුදු කණ්ඩායම් සම්බන්ධ කර ගැනීම ඇතුළුව මිනිසුන් වෙත ළඟා වීමට සියලු විකල්ප මාර්ග පිළිබඳව ගවේෂණය කරමින් සිටින බවයි.