වව්නියාව මහ රෝහලේ විදුලි සෝපානය 14 වැනි වතාවටත් අක්‍රීය වෙලා – වෛද්‍යවරු ඇතුළු 11ක් සිරවෙයි
මේ වසර ඇතුළත දාහතර වෙනි වතාවටත් අක්‍රීය වූ වවුනියාව මහ රෝහලේ විදුලි සෝපානය තුළ වෛද්‍යවරු ඇතුළු 11 දෙනෙකු ඊයේ (05) සිර වී තිබේ.
ඔවුන්ව බේරා ගැනීමට විනාඩි හතළිහක පමණ කාලයක් දැඩි පරිශ්‍රමයක් දැරීමට වවුනියාව මහ රෝහලේ කාර්ය මණ්ඩලයට සිදුවිය.
මෙම විදුලි සෝපානය ක්‍රියා විරහිත වීම නිරන්තරයෙන් සිදුවන අතර එවැනි අවස්ථාවලදී රෝහල් සේවකයින්ට අසාධ්‍ය රෝගීන් රෝද පුටුවල තබාගෙන රෝද පුටුව කර මතින් රැගෙන යාමට සිදුව ඇත.
එවැනි අවස්ථාවලදී යුද හමුදා නිලධාරීන් ඊට සහාය වීමට අවට යුද හමුදා කදවුරු වලින් වවුනියාව මහ රෝහලට පැමිණෙති.
වවුනියාව මහ රෝහලේ විදුලි සෝපානය අලුත් වැඩියා කිරීම සදහා මේවන විට ගෙවා ඇති විශාල මුදලට රෝහලේ පැරණි විදුලි සෝපානය වෙනුවට අළුතින් විදුලි සෝපානයක් සවි කිරීමට හැකියාව තිබුණද රෝහලේ පාලන අධිකාරිය ඒ කෙරෙහි කිසිදු උනන්දුවක් නොදක්වන බවට වවුනියාව මහ රෝහලේ සේවක සේවිකාවෝ පාලන අධිකාරියට චෝදනා කර සිටිති.