පාසල් සිසුන්ට ඉන්හේලර් විකිණූ දුරකථන අලෙවි සැලක හිමිකරුවෙක් අත්අඩංගුවට

පාසල් සිසුන්ට ඉන්හේලර් විකිණූ දුරකථන අලෙවි සැලක හිමිකරුවෙක් අත්අඩංගුවට

කිසියම් සැක ද්‍රව්‍ය සහිත ඉන්හේලර් කීපයක් පාසල් බෑග් කීපයක තිබි සොයාගත් බව ගොකරැල්ල පොලිසිය පවසනවා.

ඒ ගොකරැල්ල ප්‍රදේශයේ විදුහලක නම වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් කීපදෙනකුගේ පොත් බෑග් පරීක්ෂා කර බැලූ පන්ති භාර ගුරුවරියට හමු වීමෙන් පසු කරන ලද පැමිණිල්ලක් අනුවයි.

සිසුන් කිහිපදෙනකුගේ පොත් බෑග් තුළ තිබී සොයා ගැනීමෙන් පසුව ඒවා එම සිසුන්ට අලෙවි කළ බව කියන ව්‍යාපාරිකයෙක් ගොකරැල්ල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු ගොකරැල්ල ප්‍රදේශයේ ජංගම දුරකථනසහ උපාංග අලෙවි කිරීමේ ස්ථානයක් පවත්වාගෙන යන පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ කුරුණෑගල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහ මහතාගේ උපදෙස් මත ගොකරැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජේරත්න මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.