අවේලාවේ ලෙඩා බලන්න නොදුන්නැයි දොස්තරට පහර දීලා

අවේලාවේ ලෙඩා බලන්න නොදුන්නැයි දොස්තරට පහර දීලා

වත්තේගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීයකු අවේලාවේ බැලීමට අවසර නුදුන් නොදුන්නැයි වෛද්‍යවරකුට පහරදී ඇතැයි වත්තේගම පොලිසිය පවසයි.

පහරකෑමට ලක් වූ වෛද්‍යවරයා වත්තේගම රෝහලේ මූලික ප්‍රතිකාර ලබාගෙන වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතලේ රෝහලට ඇතුළත් කර ඇත.

රෝහලට රාත්‍රී 10.00 පමණ පැමිණි තිදෙනකු නේවාසික ප්‍රතිකාර ලබන රෝගියකු බැලීමට යෑමට ඉඩ දෙන ලෙස රාත්‍රී රාජකාරියේ නිරතව සිටි වෛද්‍යවරයා ගෙන් ඉල්ලීමක් කර ඇතැයි පොලිසිය කියයි.

ඊයේ රාත්‍රී 10.00ට පමණ මෙසේ පහර කෑමට ලක් වී ඇත්තේ වත්තේගම රෝහලේ රාත්‍රි වැඩමුරයේ නිරතව සිටි සෙනාල් විජේරත්න නැමැති වෛද්‍යවරයෙකි.

වෛද්‍යවරයාට පහර දුන් පුද්ගලයින් තිදෙනෙක් අද උදෑසන පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබුණු අතර තවත් පුද්ගලයෙක් වෛද්‍යවරයා විසින් තමන්ට පහර දුන් බව කියමින් මාතලේ රෝහලට ඇතුළත් වී ඇත.

පළාගිය සෙසු සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ පවත්වයි.