විල්වත්තේ දී කන්ටේනරයක් දුම්රියේ ගැටෙයි – දුම්රිය ධාවනයට බාධා

විල්වත්තේ දී කන්ටේනරයක් දුම්රියේ ගැටෙයි – දුම්රිය ධාවනයට බාධා

විල්වත්ත දුම්රිය හරස් මර්ගයේ දී කන්ටේනරයක් දුම්රියක ගැටී අනතුරක් සිදුව ඇතැයි පොලිසිය පවසයි.

මේ හේතුවෙන් ගිරිඋල්ල – මීරිගම මාර්ගය සම්පූර්ණයෙන්ම ගමනා ගමන කටයුතු ඇන හිට ඇත.

පොල්ගහවෙල සිට කොළඹ බලා ධාවනය වූ පවුෆි කාර්ලායල දුම්රියේ මෙම කන්ටේනරය ගැටී ඇත.

දුම්රියේ ගැටුණු කන්ටේනර් පෙට්ටිය මීටර් 100 පමණ දුරක් ඇද ගෙන ගොස් නතර වී ඇති අතර දුම්රිය සංඥා, විදුලි රැහැන් කණු සහ දුම්රිය ගේට්ටුවලට දැඩි හානිවි ඇතැයි ද පොලිසිය කියයි.

අනතුරින් දුම්රිය ඇන්ජිමේ රෝදවලට සහ ඇන්ජිමට දැඩි හානි සිදු ව තිබේ.

මේ හේතුවෙන් දුම්රිය රැසක් ප්‍රමාදවන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.