ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බව ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයින් කියයි

ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බව ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයින් කියයි

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින් සිදුවුණු බවත්, ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණ සිටින යුරෝපා සංගම් මැතිවරණ කණ්ඩායමේ ප්‍රධානී නාචෝ සැන්චේස් අමෝර් මහතා පවසයි.

රටවල් බොහොමයක ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල වී, දේශපාලන වශයෙන් අස්ථාවර වෙද්දී, ජන අරගලයකින් පසු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වන අයුරින්, විනිවිදභාවයකින්, ඡන්ද දායකයන්ට පමණක් නොව, අපේක්ෂකයන්ටත් විශ්වාසය තැබිය හැකි ආකාරයේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට ශ්‍රී ලංකාව සමත් වීම ලෝකයටම ආදර්ශයක් බව ද යුරෝපා සංගම් මැතිවරණ කණ්ඩායමේ ප්‍රධානියා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයෙන් සෙසු රටවලට බොහෝ දේ ඉගෙන ගැනීමට හැකි යැයි යුරෝපා සංගම් මැතිවරණ කණ්ඩායමේ ප්‍රධානියා අවධාරණය කළේය.

සැන්චේස් අමෝර් මහතා ප්‍රමුඛ යුරෝපා සංගම් නිරීක්ෂණ කණ්ඩායම් මෙරටට පැමිණ සිටින්නේ ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම කළ ඇරැයුමක් පිළිගනිමිනි.

 

COMMENTS