“යුක්තියෙන්” මත් ජාවාරම්කරුවන් තිදෙනෙකුගේ ලක්ෂ1060ක දේපළ පොලිස් භාරයට

“යුක්තියෙන්” මත් ජාවාරම්කරුවන් තිදෙනෙකුගේ ලක්ෂ1060ක දේපළ පොලිස් භාරයට

යුක්තිය මෙහෙයුමට සමගාමිව සිදුකරන මෙහෙයුම් වලදී අත්අඩංගුවට පත් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන කුඩු රොෂාන්, කවිදු මදුරංග සහ හෙට්ටිආරච්චිගේ ශ්‍රියානී නැමති කාන්තාවට අයත් රුපියල් ලක්ෂ 1060 ක නිශ්චල හා චංචල දේපළ විරෝධී වත්කම් කොට්ඨාශය භාරයට ගත් බව පොලිසිය පවසයි.

මෙම දේපළ අතර රුපියල් ලක්ෂ 610;ට අධික වටිනා වාහන හා ලක්ෂ 450 ක් වටිනා නිවාස හා ඉඩම් වන බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගන්නා ලද වාහන වල වටිනාකම.

TOYOTA LAND CRUISER PRADO වර්ගයේ ජීප් රථය
රු.ලක්ෂ 330

TOYOTA KDH වර්ගයේ වෑන් රථය
රු.ලක්ෂ 130

TOYOTA CHR වර්ගයේ කාර් රථය
රු.ලක්ෂ 76

TOYOTA AQUA වර්ගයේ කාර් රථය
රු.ලක්ෂ 64

‍BAJAJ වර්ගයේ ත්‍රී රෝද රථය
රු.ලක්ෂ 10

අත්අඩංගුවට ගන්නා ලද දේපළ වල වටිනාකම.

පර්චස් 7.5ක තලගල
පිහිටි ඉඩම
වටිනාකම= ලක්ෂ 15යි

පර්චස් 05ක ඉඩම(මාලඹේ)
වටිනාකම= ලක්ෂ 45යි

අංක 129 රජවත්ත ටෙරස්, ජාඇල, කොටුගොඩ පර්චස් 12.5 ක ඉඩම සහ දෙමහල් නිවස
මුළු වටිනාකම = ලක්ෂ 240යි

නිවන්දන දකුණ, ජා ඇල ලිපිනයේ පිහිටි ඉඩම (ඉඩමෙහි ප්‍රමාණය මේ වන තුරු අණාවරනය නොවේ. =ලක්ෂ150යි

මුළු වාහන සහ දේපල වල වෙළෙඳපල වටිනාකම ලක්ෂ 1060 කි.

Share This