යුක්තිය දෙවන අදියරෙන් තවත් සැකකරුවන් 750ක් අත්අඩංගුවට

යුක්තිය දෙවන අදියරෙන් තවත් සැකකරුවන් 750ක් අත්අඩංගුවට

යුක්තිය මෙහෙයුමේ දෙවන අදියර යටතේ ඊයේ (06) දිනය තුළ සිදුකළ මුළු වැටලීම් 780කට අදාළව සැකකරුවන් 750ක් සහ සැකකාරියන් 26 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශයක කාර්යාලය පවසයි.

ඉන් සැකකරුවන් 22ක් වැඩිදුර විමර්ශනය සඳහා රඳවා තබා ගැනීමේ නියෝග ලබා ගැනීමට නියමිත අතර සැකකරුවන් 03 දෙනෙකුගේ වත්කම් විමර්ශනය කිරීමට ද, තිදෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමට නියමිතයි.

මෙම මෙහෙයුමේදී බස්නාහිර පළාත තුළ වැටලීම් 503ක් ද දකුණු පළාත තුළ වැටලීම් 62ක්ද සිදුකළ බව පොලීසිය පවසයි.