කතානායකට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද විමසීම අද

කතානායකට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද විමසීම අද

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද වීමසීම අද (21) පස්වරු 4.30ට සිදු කිරීමට නියමිතය.

එම යෝජනාව පසුගිය 19 වන දින විවාදයට ගැණුනු අතර එහි ඡන්ද විමසීම ඊයේ (20) සිදුකිරීමට නියමිතව තිබිණි.

එහෙත් විවාදය සඳහා තවත් දිනයක් ලබාදීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව කාරක සභාව තීරණය කිරීමත් සමග ඡන්ද විමසීම අද දින සිදුකිරීමට නියමිතව තිබේ.

ඒ, එම යෝජනාව පිළිබඳ විවාදය පෙරේදා, ඊයේ, සහ අද (19, 20, 21) වශයෙන් දින තුනක් පුරාවට පැවැත්වීමෙන් අනතුරුවය.

ඡන්ද විමසීමෙන් අනතුරුව කතානායකවරයා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.