ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 250ක්

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 250ක්

සියයට දෙකක් වැනි පොලී අනුපාතිකයක් යටතේ අනුමත වූ අමෙරිකානු ඩොලර් මිලියන 700ක සහන මුදලේ පළමු වාරිකය ලැබී ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කළේ, පළමු වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 250ක මුදලක් ලැබුණු බවය.

ලෝක බැංකුව විසින් මෙරටට ලබා දීමට අනුමත කරන ලද ඩොලර් මිලියන 700ක මුදලින් අමෙරිකානු ඩොලර් මිලියන 500ක් අයවැය සඳහා සහාය දීමටත් ඩොලර් මිලියන 200ක් සමාජ ආරක්ෂණ කටයුතු සඳහා ද වෙන්කර තිබුණි.

අයවැය සඳහා වෙන්කර තිබුණ මුදලින් ඩොලර් මිලියන 250ක මුදලක් ඒ අනුව ලංකාවට මෙලෙස හිමිව තිබේ.

මේ අතර, රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පසුගියදා ප්‍රකාශ කළේ, දෙවන වාරිකය වන මිලියන 250ක මුදල ඔක්තොම්බර් මාසයේදී ලැබෙන අතර තුන්වන කොටස වන ඩොලර් මිලියන 200 ක මුදල අස්වැසුම වැඩසටහන සඳහා හිමිවන බවයි.

Share This