ආපදා නිසා වැඩට නොආ රජයේ සේවකයන්ට ගජ වාසියක්

ආපදා නිසා වැඩට නොආ රජයේ සේවකයන්ට ගජ වාසියක්

2023 සැප්තැම්බර්, ඔක්තෝම්බර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී විවිධ ආපදා හේතුවෙන් සේවයට වාර්තා කිරීමට නොහැකි වූ දිනයන් වෙනුවෙන් රාජ්‍ය සේවකයන්ට විශේෂිත නිවාඩු ලබා දීමට රජය තීරණය කර තිබේ.

මේ අනුව විවිධ පළාත්වල සිදුවූ ගංවතුර, ජල ගැලීම්, නායයෑම්, මාර්ග අවහිරතා ආදී හේතුන් නිසා හටගත් ප්‍රවාහන දුෂ්කරතා, අවතැන්වීම් සහ විපත්වලට ලක්ව රාජකාරි ස්ථානවලට වාර්තා කිරීමට නොහැකිවූ රාජ්‍ය සේවකයන්ට මෙම වරප්‍රසාදය හිමිවේ.

මෙම නිවාඩු ලබා ගැනීම සඳහා තමන් පදිංචි වසමේ ග්‍රාම නිලධාරීගේ නිර්දේශය සහිත ඉල්ලීම තම ආයතන ප්‍රධානින් වෙත යොමු කල යුතු බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එන්.රංජිත් අසෝක මහතාගේ අත්සනින් නිකුත් කර ඇති මේ සම්බන්ධ චක්‍රලේඛයේ සඳහන් වේ.

Share This