ආසියානු කාන්තා ක්‍රිකට් ශූරියන්ට කෝටි 15ක මුදල් ත්‍යාගයක්

ආසියානු කාන්තා ක්‍රිකට් ශූරියන්ට කෝටි 15ක මුදල් ත්‍යාගයක්

ආසියානු ක්‍රිකට් ශූරියන් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඇ.ඩො. ලක්ෂ 5 ක මුදල් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 15ක්) ත්‍යාගයක් පිරිනැමීමට ශ්‍රී ලංක ක්‍රිකට් ආයතනය ඊයේ පියවර ගෙන තිබිණ.

කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැති උත්සවයක දී මෙම චෙක්පත ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තුට පිරිනැමීම සිදු වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා, එහි උප සභාපති ජයන්ත ධර්මදාස, රවීන් වික්‍රමරත්න හා ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.