ඒඩ්ස් චෙක් කරගන්න එන ස්පා සේවකයන් සහ ලිංගික ශ්‍රමිකයන් ගණන ඉහළට

ඒඩ්ස් චෙක් කරගන්න එන ස්පා සේවකයන් සහ ලිංගික ශ්‍රමිකයන් ගණන ඉහළට

දිවයින පුරා ක්‍රියාත්මක පොලිස් මෙහෙයුම්වලදී සම්බාහන මධ්‍යස්ථාන සේවකයන් කිහිපදෙනෙකුට ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග ඇති බවට හඳුනා ගැනීමත් සමඟ ලිංගාශ්‍රිත රෝග සඳහා පරීක්ෂාවට ලක්වන ලෙස ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් පාලන වැඩසටහන වයස අවුරුදු 15ත් 49ත් අතර ලිංගිකව ක්‍රියාශීලී වයසේ සිටින සියලුම පුද්ගලයන්ගෙන් ඉල්ලා සිටියි.

ඔවුන් පෙන්වා දෙන්නේ පුද්ගලයකුගේ වෘත්තිය කුමක්වුවත් එවැනි රෝග ඕනෑම කෙනෙකුට ආසාදනය විය හැකි බවයි.

ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් පාලන වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය විනෝ ධර්මකුලසිංහ පවසන්නේ ඇතැම් රැකියා ලිංගාශ්‍රිත රෝගවලට ගොදුරු විය හැකි යැයි සැළකිව හැකි බැවින් අවදානම එක් කණ්ඩායමකින් තවත් කණ්ඩායමකට වෙනස් විය හැකි බවයි.

කෙසේවෙතත්, ලිංගිකව ක්‍රියාශීලී වයස් කාණ්ඩයේ සිටින ඕනෑම පුද්ගලයකුට ඔහුගේ හෝ ඇයගේ වෘත්තිය නොතකා පහසුවෙන් ලිංගාශ්‍රිත රෝග ආසාදනය විය හැකි බැවින් එම රෝගවලට ගොදුරු වීමේ අවදානම මත ඕනෑම වෘත්තියක් නිශ්චිතව හා කොන්කළ නොහැකි බව ඇය සඳහන් කළාය.

කෙසේවෙතත්, විවිධ පාර්ශ්ව විසින් මෑතකදී කරන ලද දැනුවත් කිරීම් හේතුවෙන් පරීක්ෂණ සඳහා පැමිණෙන ස්පා සේවකයන් සහ ලිංගික ශ්‍රමිකයන් වැනි අවදානමට ලක්විය හැකි කණ්ඩායම් සංඛ්‍යාව ඉහළගොස් ඇති බව ද වෛද්‍ය ධර්මකුලසිංහ ප්‍රකාශ කළේ එය සාධනීය පියවරක් බව පෙන්වාදෙමිනි.

ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් පාලන වැඩසටහන එහි සහාය ලබාගන්නා පුද්ගලයන්ගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට කැපවී සිටින බැවින්, පරීක්ෂණ ක්‍රියාවලියේදී කිසිදු පාර්ශ්වයකට විශේෂයෙන් නොසළකන බව ද ඇය සඳහන් කළාය.

පසුගියදා මීගමුව පොලිස් වසමේ සිදුකළ වැටලීම් මාලාවකින් පසුව තරුණියන් 120 දෙනෙකු පමණ පොලිස් භාරයට ගෙන වෛද්‍ය පරීක්ෂණවලට ලක්කර ඇති බව වාර්තා විය.

ලියාපදිංචි ආයුර්වේද ස්පා මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය නීතිවිරෝධී ස්පා මධ්‍යස්ථාන සහ සම්බාහන මධ්‍යස්ථානවල මෙම වැටලීම් සිදුකර තිබිණි.

පොලිස් ආරංචි මාර්ගවලට අනුව, 15 හැවිරිදි දැරියක් ඇතුළු කාන්තාවන් දෙදෙනෙකුට HIV ආසාදිත එහිදී හෙළිවී ඇති අතර, වෙනත් ප්‍රජා රෝගවලට ගොදුරු වූ තවත් ස්පා සේවකයන් අට දෙනෙකු ද හඳුනාගෙන තිබිණි.