රැස්වීම් වලට සෙනඟ ගෙන්වන හැටි ගැන විජයදාසගෙන් හෙළිදරව්වක්

රැස්වීම් වලට සෙනඟ ගෙන්වන හැටි ගැන විජයදාසගෙන් හෙළිදරව්වක්

මැතිවරණ රැස්වීම් සඳහා සෙනග සපයන මෑන් පවර් ආයතන බිහිව ඇතැයි හිටපු අධිකරණ, බන්ධනාගාර අමාත්‍ය ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

ඒ අනුව, ඕනෑම දේශපාලන පක්ෂයක මැතිවරණ රැස්වීමක් සදහා ඔවුන් වෙත මුදල් ගෙවූ පසු සෙනග සපයන බවත් කීවේය.

එක් පුද්ගලයෙකු සදහා අයකරන ගාස්තුව ඔහු රැස්වීමෙහි රැදී සිටින කාලය අනුව තීරණය වන බවත් රැස්වීම අවසන් වන තුරු රැඳී සිටිය යුතු නම් රුපියල් 3000ක් පමණ මුදලක් අය කරන බව ද කෙටි කාලයක් සදහා නම් රුපියල් 1500ක පමණ මුදලක් අය කරන බව ද ඒ මහතා සඳහන් කළේය.

COMMENTS