උඩරට වෙස් ඇඳුම් කට්ටලය ලෝක උරුමයක් කිරීමට පියවර

උඩරට වෙස් ඇඳුම් කට්ටලය ලෝක උරුමයක් කිරීමට පියවර

උඩරට වෙස් ඇඳුම් කට්ටලය ලෝක උරුමයක් බවට පත් කිරිමට පියවර ගන්නා බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

උරුමය උඩරට නර්තන පුහුණු පර්යේෂණ කේන්ද්‍රයේ ‘උරුමයක අස්වැද්දුම’ජනගත කිරීමේ මාතලේ බෞද්ධ මන්දිරයේ දී පැවැති උත්සවයේදී අමාත්‍යවරයා මේ බව කීය.

උඩුගං බලා යන සංස්කෘතික උරුමය මතු පරපුරට දායාද කිරීමට සංස්කෘතික සංගායනාවක අවශ්‍යය බව කී වික්‍රමනායක මහතා දිස්ත්‍රික් මට්ටමින් සහ ජාතික මට්ටමික් සංස්කෘතික සංගයනාව පැවැත්වීමට සමස්ත කලාකරුවන් ඒකරාශි වීම ඇවැසි ම කාලය එළඹ ඇතැයි ද පැවසීය.

Share This