කෑමක් විස වී වැල්ලවායේ සිසුන් 10 ක් රෝහලට

කෑමක් විස වී වැල්ලවායේ සිසුන් 10 ක් රෝහලට

වැල්ලවාය අධ්‍යාපන කලාපයට අයත් පාසලක දරුවන් 10 දෙනෙකු ආසාත්මිකතාවක් හේතුවෙන් වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

දහවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් මෙලෙස රෝගී වී ඇති අතර ඔවුන් විසින් ලබා ගත් ආහාරයක්, මෙම ආසාත්මිකතාව ඇති වීමට හේතුව බවයි පැවසෙන්නේ.

සුවසැරිය ගිලන් රථ මගින් එම දරුවන් කඩිනමින් රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති අතර සිය ශරීරය කැසීමකට ලක් වූ බවයි සිසුන් පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරීන් සහ වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විමර්ශන සිදු කරනු ලබයි.