වැල්ලම්පිටිය පාසලේ තාප්පය කඩා වැටී සිසුවියක මිය යාම ගැන විමර්ශනයක්

වැල්ලම්පිටිය පාසලේ තාප්පය කඩා වැටී සිසුවියක මිය යාම ගැන විමර්ශනයක්

වැල්ලම්පිටිය, ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටී සිසුවියක මිය ගොස් තවත් සිසුන් පස් දෙනෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන් වෙත ඒ සම්බන්ධයෙන් විමර්ශනය සිදු කර කඩිනමින් වාර්තාවක් ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව, ඉදිරියේ දී අදාළ පාසල වෙත ගොස් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට කටයුතු කරන බව ජයවර්ධනපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කළේය.

ඊයේ (15) දහවල් මේ පාසලේ ජල කරාම සවි කර තිබූ කොන්ක්‍රීට් බැම්මක් කඩා වැටීමෙන් දෑත් සෝදමින් සිටි පළමු ශ්‍රේණියේ සිසු සිසුවියන් 06 දෙනෙකු එම බැම්මට යට වී අනතුරට ලක් විය.

අනතුරෙන් තුවාල ලැබු එක් සිසුවියක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය අතර, තවත් පස් දෙනෙක් තුවාල ලබා රෝහල්ගත ව ප්‍රතිකාර ලබමින් සිටිති.