ක්‍රීඩා තරඟ අතරේ වතුර වලකට වැටී සිසුන් දෙදෙනෙකු මරුට

ක්‍රීඩා තරඟ අතරේ වතුර වලකට වැටී සිසුන් දෙදෙනෙකු මරුට

වවුනියාව දිස්ත්‍රික්කයේ කලාප ක්‍රීඩා තරඟවලට සහභාගි වු පාසල් දරුවන් දෙදෙනකු ක්‍රීඩා තරඟ පැවැත්වු ක්‍රීඩාංගනය අසළ වතුර වළකට වැටීමෙන් ඊයේ (17) සවස ජිවිතක්ෂයට පත්ව ඇති බව වවුනියාව පූවරසන්කුලම පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ, වවුනියාව විශ්ව විද්‍යාලීය ක්‍රීඩා පිටිය සකස් කිරීමට පස් ලබා ගැනීමට පස් කැපු වතුර වළට වැටී දරුවන් දෙදෙනා ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

වවුනියාව මුස්ලිම් මහා විද්‍යාලයේ වයස අවුරුදු 14 ක් හා 15 ක් වන දරුවන් දෙදෙනෙකු එලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලිසිය පැවසීය.

ක්‍රිඩා තරඟය අවසන් වීමෙන් පසු අදාළ දරුවන් ක්‍රීඩාංගනය අසළ වූ වතුර වළ නැරඹීමට ගිය අවස්ථාවේ වතුර වළට වැටී ඇති බවයි, පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මියගිය දරුවන්ගේ දේහයන් වවුනියාව රෝහල් මෘත ශරීරාගාරයට යොමුකොට ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පූවරසන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.