කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 15 ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 15 ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ රැසකට අද (29) පෙරවරු 9 සිට පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව, කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශයත් මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශ කොටිකාවත්ත, මුල්ලේරියා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සඳහාත් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව සඳහන් වෙයි.

අදාළ ප්‍රදේශවලට අද පෙරවරු 9 සිට මධ්‍යම රාත්‍රි 12 දක්වා ජල සැපයුම අත්හිටුවන අතර මෙම කාලය තුළ අඩු පීඩන තත්ත්වයක් යටතේ මොරටුව මහ නගර සභා බල ප්‍රදේශයට ජලය සැපයෙනු ඇත.

විදුලිබල මණ්ඩලය විසින් සිදු කරනු ලබන අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් අඹතලේ ජල පවිත්‍රාගාරයේ විදුලි සැපයුම අත්හිටුවීම සහ ඒ හා සමගාමීව සිදු කරන ජල පිරිපහදු පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

Share This