වගා ලිඳකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

වගා ලිඳකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

වටවල පොලිස් වසමට අයත් බින්ඔය ඉහල කොටසේ වතු නිවසක සෙල්ලම් කරමින් සිටි සිගිත්තෙකුගේ සිරුර නිවස පිටුපස පිහිටි වගා ළිදක තිබි හමු වි ඇති බව වටවල පොලිසිය පවසයි .

මෙසේ වගා ළිදේ තිබි හමු වි ඇත්තේ එම වතුයායේ පදිංචි කදිරවේල් රෝහිත් නැමති අවු 3 මාස 09 වයසැති සිගිත්තාගේ සිරුරයි.

මියගිය සිගිත්තා (21) දින පස්වරු 2 ට පමණ නිවසේ සෙල්ලම් කරමින් සිට ඇති අතර , පසුව නිවසේ සෙල්ලම් කරමින් සිටි දරුවා නොමැති නිසා දරුවාගේ පියා සහ එම වතු නිවාස වල පදිංචි වතු කම්කරුවන් එක්ව සිදු කල සොදිසි මෙහෙයුමකදි සිගිත්තාගේ සිරුර (21) දින පස්වරු 3.30 ට පමණ වගා ළිදේ තිබි සොයාගෙන ඇත.

මියගිය සිගිත්තාගේ මව ගෘහ සේවය සදහා විදේශ ගත වි ඇති බවත්, මෙසේ වගා ළිදේ වැටි මියගොස් ඇත්තේ පවුලේ එකම දරුවා බවත් මියගිය සිසුවාගේ පියා පැවසීය.

නිවස ඉදිරිපිට සෙල්ලම් කරමින් සිටි සිගිත්තා පියා එලවළු වගාවට ජලය ලබා ගන්නා වගා ළිදට වැටි ජිවිතක්ෂයට පත් වන්නට ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන වටවල පොලිසිය සැකකරන්නේ.

මියගිය සිගිත්තාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ අධිකරණය වෛද්‍යවරයා වෙත යොමු කිරිමට නියමිතය.