වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනෙකුට වරෙන්තු

වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනෙකුට වරෙන්තු

අන්තරේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම හිමි සහ රත්කරව්වේ ජිනරතන හිමියන්ට අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කළේ ය.

ඒ ඔවුන් වගඋත්තරකරුවන් කර ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙනි.

2021 වසරේ පෙබරවාරි 10 වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී කොළඹ පෞද්ගලික ගොඩනැගිල්ලකට අයත් රථ ගාලකට අනවසරයෙන් ඇතුළු වීමේ චෝදනවා මත අදාළ නඩුව පවරා තිබේ.

මෙම නඩුව දෙසැම්බර් මස 7 වැනිදා යළි කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කළේ ය.