වරකාපොළ මනුෂ්‍ය ඝාතනයක්

වරකාපොළ මනුෂ්‍ය ඝාතනයක්

වරකාපොළ පොලිස් වසමේ ඇත්නාවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර තිබේ.

ඊයේ (08) රාත්‍රී කාලයේදී එම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස ඝාතනය ලක්ව ඇත්තේ ඇත්නාවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 61ක තැනැත්තෙක් බවයි, පොලිසිය සඳහන් කළේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා තම සහෝදරයාගේ නිවසේ පැවති දානමය පිංකමකට සහභාගී වී නිවස බලා ගමන් කරමින් සිට ඇති අතර අසල්වැසි පුද්ගලයෙකු සමඟ එහිදී සිදු වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් එම පුද්ගලයා විසින් සිදුකළ පහරදීමකින් මෙම ඝාතනය සිදුව තිබෙනවා.

ඝාතනයට සම්බන්ධ සැකකරු හඳුනාගෙන ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීමට වරකාපොළ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.