වැල්ලව දී අඹු සැමි යුවළකට වෙඩි – සැමියා මරුට
කුරුණෑගල, වැල්ලව ප්රදේශයේ දී අඹු සැමි යුවළකට සිදුකළ වෙඩි තැබීමකින් එක් අයෙකු මියගොස් තිබේ.
ඊයේ (24) රාත්රීයේ නිවසකට ඇතුළු වූ පිරිසක් විසින් එම වෙඩි තැබීම සිදු කර ඇති අතර වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ, 32 හැවිරිදි ස්වාමි පුරුෂයායි.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 30 හැවිරිදි බිරිඳ ප්රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.
වෙඩි ප්රහාරයට ලක්වූ අඹුසැමි යුවළ එම ප්රදේශයේ තාවකාලිකව පදිංචිව සිට ඇති බවයි, පොලිසිය පැවසුවේ.
වෙඩි තැබීම සඳහා T 56 ගිනි අවියක් උපයෝගී කරගෙන ඇතැයි පොලීසිය සැකපළ කරයි.
වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධ තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැල්ලව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.