වාද්දුව වෙරළේ නාඳුනන මළසිරුරක්

වාද්දුව වෙරළේ නාඳුනන මළසිරුරක්

වාද්දුව, පොහද්දරමුල්ල වෙරලේ තිබී නාඳුනන මළසිරුරක් හමුවී ඇති බව වාද්දුව පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයා ඇද සිටි ටී ෂර්ට් එකෙන් මුහුණ ගැටගසා මෙම ඝාතනය සිදු කර ඇති බවට සැක කෙරෙන බවයි, පොලීසිය සඳහන් කළේ.

නිල් පැහැති දිග කලිසමකින් සහ සුදු මේස් බැනියමක් ඇද සිටින මියගිය පුද්ගලයා වයස අවුරුදු 40 – 45 ත් අතර වියේ පසුවන අයෙකු බවට පොලිසිය සැක පල කරයි.

මළ සිරුර සම්බන්ධයෙන් වාද්දුව ස්ථානාධිපති (වැඩ බලන) පොලිස් පරීක්ෂක ගයාන් කහටපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වයි.

Share This