ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට දින 4ක්

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට දින 4ක්

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා දින 4ක කාලයක් ලබාදීමට මැතිවරණ කොමිසමේ අවධානය යොමු වී තිබේ.

ඒ අනුව, එම නිශ්චිත දින වකවානු කවදා ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි, මැතිවරණ කොමිසම පැවසුවේ.

මේ අතර එම කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසුවේ, හෙට (14) රැස්වන කොමිෂන් සභාවේදී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බවයි.