ලන්දේසින්ට අයත් VOC තැටියක් සහ කාසි දෙකක් අලෙවි කිරිමට පැමිණි අයෙක් අත්අඩංගුවට

ලන්දේසින්ට අයත් VOC තැටියක් සහ කාසි දෙකක් අලෙවි කිරිමට පැමිණි අයෙක් අත්අඩංගුවට

ලන්දේසි යුගයට අයත් VOC තැටියක් සහ කාසි දෙකක් රු ලක්ෂ 20 කට අලෙවි කිරිමට පැමිණි පුද්ගලයෙකු හැටන් පොලිසිය මගින් (16) දින පස්වරුවේ අත්අඩංගුවට ගත් බව හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන මහතා පැවසිය.

ගිනිගත්හේන ප්‍රදේශයේ පදිංචි අවු 41 හැවිරිදි සැකකරු VOC තැටිය සහ කාසි දෙකක් හැටන් ප්‍රදේශයේ පුද්ගලයෙකුට රු ලක්ෂ 20 කට අලෙවි කිරිමට පැමිණ සිටින බවට ලද තොරතුරක් මත පොලිස් උපාය දුතයෙකු යොදවා සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

තැටිය සහ කාසි දෙක සැකකරුට ලැබුණු ආකාරය සම්බන්ධයෙන් සැකකරු කිසිවක් නොපවසන බවත්, එම තැටිය සහ කාසි දෙකෙහි පුරාවිද්‍යාත්මක වටිනාකම සම්බන්ධයෙන් තහවුරු කර ගැනිම සදහා විමර්ෂණයක් සිදු කරන ලෙසට පුරවිද්‍යාත්මක දෙපාර්තුමේන්තුවට දැනුම් දුන් බවයි ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා කියා සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරු (17) දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.