සංචාරක වීසා වලින් රට රැකියා වලට යන අය ගැන සොයන්න ඒකකයක්

සංචාරක වීසා වලින් රට රැකියා වලට යන අය ගැන සොයන්න ඒකකයක්

සංචාරක වීසා මත රැකියා සොයා යන අය පිළිබඳ මූලික වශයෙන් සොයා බැලීම සඳහා කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපො පර්යන්තයේ ආරක්‍ෂිත සංක්‍රමණ ප්‍රවර්ධන ඒකකයක් ආරම්භ කිරීම ඊයේ (21 ) සිදු කෙරිණි.

සතියේ දින 7ම දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක වන මෙම ඒකකයෙන් සංචාරක වීසා මත විදේශ ගතවන ශ්‍රී ලාංකිකයන් මිනිස් ජාවාරමට ගොදුරු වීම වැළැක්වීම සහ ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන්ට නිසි මග පෙන්වීමක් ලබාදීමේ අරමුණින් විවෘත කර ඇත.

මිනිස් ජාවාරම මැඩලීමට රජය ගන්නා උත්සාහයට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහය නොදෙන බව එම ඒකකය විවෘත කරමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර කියා සිටියේය.

අමාත්‍ය නාන්යක්කාර කියා සිටියේ විදේශ රැකියා සඳහා නීතිවිරෝධී ලෙස විදේශගත වීමට ගුවන් තොටුපල නිලධාරීන් අංශ ගණනාවකට ආධාර කරන බවයි.

අද ඇතැම් රාජ්‍ය නිලධාරීන් තම රාජකාරිය ඉටු කිරීමට මැලිකමක් දක්වන බව අමාත්‍යවරයා කියා සිටියේය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (SLBFE) නිලධාරීන් නීතිවිරෝධී ලෙස රැකියා සඳහා සංක්‍රමණය වීමට උත්සාහ කරන ඇතැමුන් නැවැත්වීමට උත්සාහ කරන අවස්ථා ඇති බවත්, එම කාලය තුළ ගුවන් තොටුපළ සහ විගමන නිලධාරීන් එම උත්සාහයන්ට මැදිහත් වන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

විදේශ රැකියා සඳහා වන ජාවාරම් සහ නීතිවිරෝධී සංක්‍රමණ මැඩලීමේ උත්සාහය එක් ආයතනයකින් පමණක් නැවැත්විය නොහැකි බවත් එය ආරක්ෂක අමාත්‍යාංශය, CID, SLBFE, ගුවන් තොටුපළ සහ ආගමන විගමන නිලධාරීන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සම්බන්ධ කර ගනිමින් ඒකාබද්ධ ප්‍රයත්නයක් විය යුතු බවත් අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේය.

May be an image of 8 people

Share This