වීසා ක්‍රමවේදය වඩාත් සරල කිරීමට කැබිනට් අනුමැතිය

වීසා ක්‍රමවේදය වඩාත් සරල කිරීමට කැබිනට් අනුමැතිය

වර්තමානයේ ක්‍රියාත්මක වන වීසා ක්‍රමවේදය වඩාත් සරල කිරීම පිණිස මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

1948 අංක 20 දරණ ආගාමික හා විගාමික පනත සහ ඒ යටතේ නිකුත් කරනු ලැබ ඇති රෙගුලාසිවලට අනුකූලව මෙරටට පැමිණෙන විදේශිකයන් හට පැමිණීමේ වීසා, වාස වීසා සහ මාර්ගස්ථ වීසා වශයෙන් වීසා වර්ග තුනක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ඇති.

පැමිණීමේ වීසා සහ වාස වීසා යන වීසා වර්ග දෙක යටතේ නිකුත් කරනු ලබන වීසා කාණ්ඩයන්ගේ පවතින සංකීර්ණතා සැලකිල්ලට ගෙන මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.

වැඩි විදේශීය ආකර්ෂණයක් පවතින රටවල ක්‍රියාත්මක කරනු ලබන වීසා ක්‍රමවේදයන් සලකා බලා මෙරට ක්‍රියාත්මක වන වීසා ක්‍රමවේදය නැවත සමාලෝචනය කිරීමට කටයුතු කරන බවයි රජය පවසන්නේ.

Share This