නව ග්‍රාම සේවා නිලධාරීන් 2000ක් බඳවා ගැනීමට පියවර

නව ග්‍රාම සේවා නිලධාරීන් 2000ක් බඳවා ගැනීමට පියවර

නව ග්‍රාම සේවා නිලධාරීන් 2000ක් බඳවා ගැනීමට පියවර ගෙන තිබේ.

ඒ සඳහා අවශ්‍ය මුලික කටයුතු මේ දිනවල සිදු කරමින් පවතින බවයි, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සඳහන් කළේ.

විභාග දෙපාර්තමේන්තුව විසින් ග්‍රාම නිලධාරි විභාගයේ ප්‍රතිඵල රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට ලබාදී තිබේ.

සුදුසුකම් ලැබු 4000ක් පමණ සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමට පියවර ගෙන ඇති බව ලේකම්වරයා පැවසීය.

දිගු කලකින් ග්‍රාම නිලධාරීන් බඳවා නොගැනීම හේතුවෙන් පුරප්පාඩු මතුව තිබූ අතර රාජකාරී කළ ඇතැම් පිරිස් විශ්‍රාම යාම හේතුවෙන් ද පුරප්පාඩු මතුවි ඇතැයි ලේකම්වරයා සඳහන් කළේ ය.

Share This