මධ්‍යම පළාත් සභාවේ වාහන 31ක් අතුරුදන්
මෝටර් රථ ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව සහ පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතින්ගෙන් ලබාගත් තොරතුරු වලට අනුව මධ්‍යම පළාත් සභාවේ අමාත්‍යංශ, දෙපාර්තමේන්තු වලට අයත් වාහන 31ක් පිළිබද තොරතුරු අනාවරණය වී නොමැති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ.
එම වාහන මධ්‍යම පළාත් සභාවේ ආයතන විසින් භාවිතා කරන බවට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වි නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට තිබේ.
විගණනය මගින් පෙන්වා දි ඇති ආකාරයට ප්‍රධාන ලේකම් කාර්යාලයට අයත් වාහන 04ක්, පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දේපාර්තමේන්තුවට අයත් වාහන 09ක්, පළාත් කෘෂිකර්ම දේපාර්තමේන්තුවට අයත් වාහන 06ක්,පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් වාහන 05ක්, පළාත් සෞඛ්‍ය දේපාර්තමේන්තුවට අයත් වාහන 04ක්, පිළිබද තොරතුරු අනාවරණය කර නොතිබුණි.
එමෙන්ම පළාත් ඉඩම් දෙපාර්තමේන්තුවට අයත් වාහන 01ක් , ආයුර්වේද දේපාර්තමේන්තුවට අයත් වාහන 01ක්, කෘෂිකර්ම අමාත්‍යංහයට අයත් වාහන 01ක් පිළිබදවද තොරතුරු අනාවරණය කර නොතිබු බව විගණන වාර්තාවේ සදහන් වේ.
වාහනවල තොරතුරු නිසි පරිදි පවත්වාගෙන යාමටත් අදාළ තොරතුරු රැස්කර ගැනිමටත් කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.
මේ පිළිබද මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන ගණන්දිමේ නිලධාරිවරයා විසින් විගණනයට සදහන් කොට ඇත්තේ තොරතුරු සොයාබලා වාර්තා කරන බවය.
මධ්‍යම පළාත් සභාවේ 2023 මුල්‍ය වර්ෂය වෙනුවෙන් මෙම විගණන වාර්තාව නිකුත්කොට තිබුණි.