ජනාධිපති කාර්යාලය සතු වාහන 28ක් රක්ෂණය කර නෑ

ජනාධිපති කාර්යාලය සතු වාහන 28ක් රක්ෂණය කර නෑ

ජනාධිපති කාර්යාලය සතු වාහන 28ක් රක්ෂණය කර නැතැයි නවතම විගණන වාර්තාවකින් අනාවරණය වේ.

එම වාහන අතරින් වාහන 13ක් අධි ආරක්ෂක රථ බවද එයින් එක් වාහනයක වටිනාකම රුපියල් කෝටි 25ත් 30ත් අතර වන බවද එම වාර්තාවේ සඳහන් වේ.

එම විගණන වාර්තාවට අනුව අදාල අධිආරක්ෂිත හා අනුරූප රථවල වටිනාකම අධික වීම නිසා රක්ෂනය වෙනුවෙන් වාර්ෂිකව එක් වාහනයක් වෙනුවෙන් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් ගෙවීමට සිදුවේ.

එම අධික පිරිවැය සළකා රක්ෂණය කර නැති බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ගණන්දීමේ නිලධාරී විසින් විගණකාධිපති වෙත දැනුම් දී තිබේ.

රටේ පවතින නීතිරීතිවලට අනුව කටයුතු නොකරන්නේ නම් එම අවශ්‍යතා සැපිරීමට විකල්ප ප්‍රතිපත්තිමය තීරණ හඳුන්වා දිය යුතු බවද එහෙත් එසේ සිදුකර නොමැති බවද එම වාර්තාවේ සඳහන්වේ.

Share This