අලුත් වාහන නිදහස් කිරීමට ඇති බාධා ඉවත් කරමින් ගැසට්ටුවක්

අලුත් වාහන නිදහස් කිරීමට ඇති බාධා ඉවත් කරමින් ගැසට්ටුවක්

රේගුවේ හිරවී තිබෙන ජපානයෙන් ආනයනය කළ වාහන 400 කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කිරීමට බාධාවක් වූ, එම වාහන මෙරටට එවීම සඳහා අපනයන පරීක්ෂණ සහතික ලබාගෙන තිබූ බියුරෝ වෙරිටාස් කාර්යාංශයට ඒ සඳහා බලය ලබා දෙමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් ඊයේ නිකුත් කර තිබෙනවා.

මෙම ගැසට්ටුවෙන් එම වාහන මෙරටට එවීම සදහා අපනයන පරීක්ෂණ සහතික ලබාගෙන තිබූ බියුරෝ වෙරිටාස් කාර්යංශයට ඒ සදහා බලය ලැබෙන අතර වාහන රේගුවෙන් නිදහස් කිරීමට තිබෙන අනෙකුත් බාධක ද ඉවත් වනු ඇති.

රේගුවේ හිරවී තිබෙන ජපානයෙන් ආනයනය කළ වාහන මුදා හැරීමට බාධාවක්ව තිබුණේ එම වාහන මෙරටට ආනයනය කිරීම සඳහා ජපානයෙන් අපනයන පරීක්ෂණ සහතික ලබාගත් සමාගම යැයි රේගු මාධ්‍ය ප්‍රකාශවරයා ප්‍රකාශ කළේය.

පළමු නැව පැමිණ දවස් 20 කට වඩා වැඩි බවද ඔහු ප්‍රකාශ කළේය.

සිරවී තිබෙන වාහන වෙළඳපොළ පැමිණි විට වාහන මිල පහළ යනු ඇති බව වාහන අපනයන කරුවෝ පවසයි.