වාහන ආනයනයට අදාළ ගැසට්ටුව නිකුත් කෙරේ
වාහන ආනයන සීමා ඉවත් කිරීමේ තෙවන අදියර යටතේ මෝටර් රථ, විදුලි මෝටර් රථ සහ දෙමුහුම් මෝටර් රථ සඳහා වන ආනයන සීමා කොන්දේසි සහිතව අද (01) සිට ඉවත් කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (31) අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.
පසුගිය 27 වැනිදා නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන රෙගුලාසි හෝ ඒ යටතේ සිදුකරන ඕනෑම ක්‍රියාමාර්ගයක වලංගුභාවයට අගතියක් නොවන පරිද්දෙන මෙම අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.
අදියර තුනක් යටතේ අද(01) සිට බලපැවැත්වෙන පරිදි වාහන ආනයන සීමා ඉවත්කරන බව රජය මීට පෙර දැනුම් දී තිබිණි.