ඡන්ද ප්‍රචාරක දැන්වීම් අලවා ඇති වාහන වලට පොලිසියෙන් රතු එළියක්

ඡන්ද ප්‍රචාරක දැන්වීම් අලවා ඇති වාහන වලට පොලිසියෙන් රතු එළියක්

දේශපාලන පක්ෂ වලට අයත් මැතිවරණ ප්‍රචාරක දැන්වීම් සිය වාහන වල ප්‍රදර්ශනය නොකරන ලෙස පොලිස් මූලස්ථානය මහජනතාවට අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසන්නේ එවැනි දැන්වීම් ප්‍රදර්ශනය කිරීම නීතිවිරෝධී බවයි.

එබැවින් හදුනා ගන්නා එවැනි වාහන නවත්වා පොලිසිය විසින්ම දැන්වීම් ඉවත් කිරීමට කටයුතු කරන බවයි පවසන්නේ.

එවනි අවස්ථා වලදී ස්ටිකර් හෝ පෝස්ටර් ඉවත් කිරීමට කටයුතු කිරීමේදී වාහන මතුපිටට හානි සිදුවීමට අවදානමක් පවතිනවා.

එම නිසා එවැනි දැන්වීම් සිය වාහන වල ඇත්නම් ස්වේච්ඡාවෙන් ඉවත් කර ගැනීමට කටයුතු කරන ලෙසයි පොලිසිය වාහන හිමියන්ගෙන් ඉල්ලා සිටින්නේ.