වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

වාහන ආනයනය ලබන වසරේ සිට යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

එය ක්‍රමානුකූලව සිදුකිරීමට සැලසුම් කර ඇති බව අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

“රජය තෝරගත්ත පිරිසකට වාහන ආනයනය කරන්න අවසර ලබාදෙන්නේ නැහැ. මෙතෙක් වාහන ආනයනය කිරීමට අවසර ලබාදීලා තියෙන්නේ වාණිජමය අවශ්‍යතාවයන් සඳහා පමණයි, ඒ කියන්නේ ආර්ථිකයට යම් කිසි දායකත්වයක් දැක්වීම සඳහා ආර්ථික ක්‍රියාවලියකට සහ වාණිජමය ක්‍රියාවලියකට යොමුවෙන අයට විතරයි මෙතෙක් වාහන ආනයනය අවකාශය දීලා තියෙන්නේ. අද සීමාවක් තියෙනවානම් ආනයනය සම්බන්ධයෙන් මෙම සීමාව පුද්ගලික භාවිතාව සඳහා ආනයනය කරනා වාහන පමණයි. එතකොට ඒ සීමාවත් ඉදිරියේදී ලිහිල් වේවි. ලබන අවුරුද්ද වෙද්දි ඒක ලිහිල් වේවි. හැබැයි විවෘත වීමත් යම් ක්‍රමාණුකූල විවෘත වීමක් බවට පත්විය යුතුයි.”

එමෙන්ම මේ වනවිට රට තුළ පවතින ආර්ථික වැඩපිළිවෙළ හැර වෙනත් කිසිදු විකල්පයක් නොමැති බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Share This