රංජිත් මද්දුම බණ්ඩාරට යළි එ.ජා.ප සාමාජිකත්වය

රංජිත් මද්දුම බණ්ඩාරට යළි එ.ජා.ප සාමාජිකත්වය

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ අත්හිටවූ පක්ෂ සාමාජිකත්වය යළි ලබාදීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (02) තීරණය කළේය.

කෙසේ වෙතත්, පක්ෂ සාමාජිකත්වය සම්බන්ධයෙන් සිදු කරනු ලබන විනය පරීක්ෂණ තවදුරටත් ඉදිරියට කරගෙන යාමට ද මෙහිදී තීරණය කර තිබේ.

එක්සත් ජාතික පක්ෂය විසින් 2020 වසරේදී රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීය.

එක්සත් ජාතික පක්ෂ නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්විණි.