එක්සත් ජාතික පක්ෂයේ 78 වැනි සංවත්සරය අද

එක්සත් ජාතික පක්ෂයේ 78 වැනි සංවත්සරය අද

එක්සත් ජාතික පක්ෂයේ 78 වැනි ජාතික සංවත්සරය අදට (06දා) යෙදී තිබේ.

ඒ අනුව සංවත්සර සැමරුම අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි

නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂය 1946 සැප්තැම්බර් 06 වැනිදා ස්ථාපිත විය.

ඉන් ඉක්බිතිව මේ රටේ ජාතීන් අතර එකමුතුවත්, දේශපාලන නිදහසත්, ආර්ථික සංවර්ධනයත් උදෙසා කටයුතු කළ එම පක්ෂයේ ඩඩ්ලි සේනානායක, සර් ජෝන් කොතලාවල, ජේ. ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග, රනිල් වික්‍රමසිංහ දක්වා විවිධ නායකයෝ මේ රටේ අගමැති පදවි හෙබවූහ.

මේ රටේ ගල්ඔය වැනි වාරි ව්‍යාපෘති ඇතුළු දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති මෙන්ම නිදහස් අධ්‍යාපන පනත ඉදිරිපත් කිරීමද සිදු වූයේ එවක එජාප උප සභාපතිවරයෙකුව සිටි සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මහතාගේ සමයේය.

78 වන සංවත්සරය වෙනුවෙන් චාම් උත්සවයක් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (06දා) පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.