එජාප සහ සජබ තවත් සාකච්ඡාවක් අද
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ඉදිරි දේශපාලන කටයුතුවලදී එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් සිදුකෙරෙන තවත් සාකච්ඡාවක් අද (28) පැවැත්වීමට නියමිත බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.
එම සාකච්ඡාව අද කොළඹදී පැවැත්වෙන බවද හෙතෙම සඳහන් කළේය.
මෙතෙක් සාකච්ඡා වට ගණනාවක් පැවති අතර, එම සාකච්ඡා ඉතා සාර්ථක මට්ටමින් පැවති බවද මහලේකම්වරයා පැවසීය.
ඉදිරි දේශපාලන කටයුතු සිදු කිරීම සඳහා පක්ෂ දෙකේම කෘත්‍යාධිකාරී මණ්ඩලවලින් අනුමැතිය හිමි වූ අතර, සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පස් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක්ද පිහිටුවනු ලැබිණ.