UNP සමග එක්ව කටයුතු කිරීම ගැන සාකච්ඡාවකට SJB අනුමැතිය

UNP සමග එක්ව කටයුතු කිරීම ගැන සාකච්ඡාවකට SJB අනුමැතිය

ඉදිරි මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂය සමග එක්ව වැඩ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කිරීම සඳහා වන යෝජනාවකට සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාර මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාර මණ්ඩලය අද පස්වරුවේ එම පක්ෂ කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේදී මෙම එකඟතාවට පැමිණ ඇත.

මෙම රැස්වීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එම අවස්ථාවට සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු එම පක්ෂයේ නියෝජිතයන් රැසක් සහභාගි වූහ.