උදිත් ලොකුබණ්ඩාර මූණත් වහගෙන මහ ගෙදරට එයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු වන උදිත් ලොකුබණ්ඩාර මහතා අද (28) පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලය වෙත පැමිණ තිබේ.
ඔහු කලක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුද්ගලික ලේකම්වරයෙකු ලෙස කටයුතු කළේය.
පොදුජන පෙරමුණේ පැවැති සාකච්ඡාවක් සඳහා සහභාගිවීමට ඔහු පැමිණි බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් උදිත් ලොකුබණ්ඩාර මාධ්‍ය වෙත අදහස් නොදක්වමින් පිටව ගොස් තිබෙනවා.
මෙම සාකච්ඡාව සඳහා එක්වී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහ මහතා සඳහන් කළේ,
“උදිත් ලොකුබණ්ඩාරටත් මේක මහගෙදර. එයාට එනවා නම් එන්න පුළුවන්. හැබැයි එයා එනවා තව කවුරුහරි යනවා කියන කොට… රටේ මිනිස්සු හරි පිළිකුල් ලෙස බලන් ඉන්නේ මිනිස්සු එහාට මෙහාට යන කොට.”