
ඇමෙරිකාවේ නිල භාෂාව ලෙස ඉංග්රීසි භාෂාව නම් කෙරේ
ඇමෙරිකා එක්සත් ජනපදයේ නිල භාෂාව එසේත් නතිනම් රාජ්ය භාෂාව ඉංග්රීසි බවට පත් කරමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් විධායක නියෝගයකට අත්සන් තැබීය.
ඉංග්රීසි ඇමෙරිකාවේ නිල භාෂාව මෙන්ම රාජ්ය භාෂාව බවට පත් කිරීමේ අරමුණ වන්නේ, සන්නිවේදන විධිමත් කිරීම, ජාතික වටිනාකමක් එක් කිරීම සහ කාර්යක්ෂම සමාජයක් ගොඩ නැංවීම යැයි ජනපති ට්රම්ප් පවසයි.
මේ වනවිටත් ඇමෙරිකාවේ ජනපද 30 කට වැඩි ගණනක නිල භාෂාව ලෙස පිළිගැනෙන්නේ ද ඉංග්රීසිය.
හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් විසින් 2000 වසරේ දී අත්සන් කළ ඉංග්රීසි නොවන පිරිසට භාෂා ආධාර සැපයිය යුතු බවට පැනවූ නියෝගය මේ සමඟ අහෝසි වනවා.
සෙනසුරාදා අත්සන් කරන ලද මෙම නියෝගයෙන්, ෆෙඩරල් අරමුදල් ලබන ෆෙඩරල් ආයතන සහ සංවිධාන වලට ඉංග්රීසි හැර වෙනත් භාෂා වලින් සේවා සහ ලේඛන ලබාදීම දිගටම කරගෙන යනවා ද යන්න තීරණය කිරීමේ ස්වාධීනත්වය ලබා දී තිබෙනවා.