නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩාංගණයේ රූස්ස ගස් විනාශ කිරීම සම්බන්ධයෙන් විමර්ෂණයක්
නුවරඑලිය ගොල්ෆ් ක්‍රිඩාංගණ භුමියේ වැවි ඇති කිසිදු අවධානමක් නොමැති වටිනා රුස්ස ගස් පනහක් කපා දැමීමට හෝ විනාශ කිරිමට එහි පාලන අධිකාරිය විසින් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් විධිමත් විමර්ෂණයක් ආරම්භ කල බව නුවරඑලිය ප්‍රාදේශිය ලේකම් ප්‍රදිප් දලන්සුරිය මහතා පැවසිය.
අක්කර 300 ක පමණ වපසරියකින් යුත් ගෝල්ෆ් ක්‍රිඩාංගණයේ වසර 100 වඩා ඉපැරණි ගාන්ඩිස්, රෙඩ් ගාන්ඩිස්, සයිප්‍රස් ඇතුළු නුවරඑලියට පමණක් ආවේනික වු රුස්ස ගස් පනහක පමණ බදෙහි පොතු ගලවා එහි කළු තෙල් ගල්වා ඇති බවත්, එමගින් ගස් වියළි ගොස් විනාශ වන බවයි නුවරඑලිය ප්‍රදේශවාසින් කියා සිටින්නේ.
තවද නුවරඑලිය ප්‍රදේශයේ මිට ප්‍රථම සංවර්ධන කටයුතු සිදු කිරිමේදි පරිසරය සුන්දර කිරිම සදහා වගා කර තිබු රුස්ස ගස් කපා දැමිමට අනුමැතිය නොලැබෙන නිසා එම ගස් ඉතා සුක්ෂමව මෙවැනි ආකාරයට විනාශ කල බවයි ප්‍රදේශවාසින් වැඩිදුරටත් කියා සිටියේ.
නුවරඑලිය සෙන්පති මැදුර ඇතුළු ප්‍රධාන මාර්ගයට මායිම්ව පිහිටා ඇති රුස්ස ගස් පනහක් මෙසේ විනාශ කිරිමට එහි පාලන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
එම ගස් කපා දැමිමට හෝ විනාශ කිරිමට අදාල රාජ්‍ය අයතන වෙතින් හෝ තමන්ගෙන් කිසිදු අවසරයක් ලබාගෙන නොමැති බවත්, මේ සම්බන්ධයෙන් විමර්ෂණයක් ආරම්භ කර ඇති නිසා එම ගස් කපා දැමිමට පියවර නොගන්නා ලෙස නුවරඑලිය ගොල්ෆ් ක්‍රිඩා සමාජයේ පාලන අධිකාරිය දැනුම් දුන් බවයි ප්‍රාදේශිය ලේකම්වරයා කියා සිටියේ.
අප මේ සම්බන්ධයෙන් නුවරඑලිය මහ නගර සභාවේ හිටපු නගරාධිපති සහ නුවරඑලිය ගොල්ෆ් ක්‍රිඩා සමාජයේ නිත්‍ය සමාජික මහින්ද දොඩම්පේගමගේ මහතාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ නුවරඑලිය මහ නගර සභාවට සහ නුවරඑලිය ප්‍රාදේශිය ලේකම්වරයාට අයත් නගර මධ්‍යයේ පිහිටි අක්කර 300 ක පමණ වපසරියකින් යුත් ඉඩම නුවරඑලිය ගෝල්ෆ් ක්‍රිඩා සමාජයට 99 වසර දිර්ඝ කාලින බද්දකට නිදහස් කර ඇති බවයි.
එම ඉඩම නුවරඑලිය සංචාරක කර්මාන්තයට වටිනා සන්ධිස්ථානයක් බවත්, එම ක්‍රිඩාංගණය දැනට කොළඹ ප්‍රදේශයේ පදිංචි ඉහල පන්තියේ සිමිත පිරිසකගේ විනෝදාශ්වාදය සඳහා පමණක් භාවිතා කරන බවයි එම මහතා කියා සිටියේ.
මෙම ඉඩමට හිටපු ප්රවිණ ක්‍රිකට් ක්‍රිඩක කුමාර් සංගක්කාර මහතා වසරකට විදේශිකයන් මිලියනයක් මෙරටට ගෙන්වා ගැනිමට ව්‍යාපෘතියක් ඉදිරිපත් කලද, එම ව්‍යාපෘතිය සඳහා ගොල්ෆ් ක්‍රිඩාංගණයේ ඉඩමේ කොටසක් නිදහස් කිරිමට එවකට සිටි දේශපාලන අධිකාරියේ සහ බලධාරින් පියවර නොගත් බවයි මහින්ද දොඩම්පේගමගේ වැඩිදුරටත් කියා සිටියේ.