විශේෂ දුම්රිය සේවා අදත්

විශේෂ දුම්රිය සේවා අදත්

අළුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා අද (14) දිනයේත් ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අද රාත්‍රී 7.30ට කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ද රාත්‍රී 7.25 ට කොටුව සිට ගාල්ල දක්වා ද විශේෂ දුම්රිය දෙකක් ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි දුම්රිය පාලක මැදිරි කාර්යාලය පැවසීය.