රාගම – හොරපෙ අතර දුම්රිය පීළි පැනීමක් – දුම්රිය ධාවනයටත් බාධා

රාගම – හොරපෙ අතර දුම්රිය පීළි පැනීමක් – දුම්රිය ධාවනයටත් බාධා

මහව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන අංක 857 දරණ සීග්‍රගාමි කාර්යාල දුම්රිය රාගම සහ හොරපෙ දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේදී පීලී පැනීමකට ලක්වී තිබෙනවා.

ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙන බවයි වාර්තා වන්නේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම අනතුරෙන් දුම්රිය මාර්ගයටද හානි සිදු වී තිබෙන බවයි.

මෙහිදී දුම්රිය මැදිරි රාගම – මහබාගේ මාර්ගයට පතිත වීම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනාගමනයට ද බාධා එල්ල වී තිබෙන බව පොලීසිය ප්‍රකාශ කළා.