මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කිහිපයක් අවලංගුයි

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කිහිපයක් අවලංගුයි

කොළඹ කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය දුම්රිය ස්ථානයේ දුම්රිය පිළිපැනීමක් සිදුව තිබෙනවා.

අද උදෑසන එකොළහයි තිහට පමණ මොරටුව සිට කොළඹ කොටුව බලා ගමන් ගත් දුම්රියක් මෙසේ පීලි පැනීමට ලක්ව තිබේ.

පිළිපැනීම නිසා දෙපසටම දුම්රිය ධාවනය අවහිර වී තිබුණා

ඒ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කිහිපයක් අවලංගු කිරීමට සිදුව ඇති බව දුම්රිය පාලක මැදිරය සදහන් කරයි.